කට්ලට්



(තැවරුමට පොල් කුඩු පාවිච්චි කරලා)
ඔන්න අරන් අවා රසම රස කට්ලට් රෙසිපි එකක්.
හැබැයි මේ කට්ලට් එක ටිකක් වෙනස්. මොකද සාමාන්යයෙන් කට්ලට් හදන කොට වටේ තවරා ගන්න පාන් කුඩු බිස්කට් කුඩු නේ පාවිච්චි කරන්නේ .😋😋

මේ දවස් වල ඉතින් බිස්කට් කුඩු හොයා ගන්න අමාරු අයට මේක හරි ලේසියෙන් හදාගන්න පුළුවන් .

❤️ අවශ්‍ය දෑ .❤️

තම්බලා පොඩි කරගත්ත අල 250 g.
කටු ඉවත් කරගෙන සැමන් 200 g.
ලොකු ලූණු ගෙඩියක් පොඩියට කපලා.
සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 5ක් විතර .
තලා ගත් ඉගුරු සුදු ලූණු .
ගම්බිරිස් කුඩු .
මිරිස් කුඩු .
කෑලි මිරිස් .
රම්පෙ කරපිංචා .
බිත්තර 2 ක්.
පොල් මිරිකා ඉවත් කල පොල් කුඩු. (තෙත් ගතිය යනකන් ටිකක් කබලේ බැදලා ගන්න.)
ලුණු අවශ්‍ය පමණ .
බැද ගන්න තෙල් .


(විශේෂයෙන් කියන්න ඕන මන් සදහන් කරල තියන ප්‍රමාණය න් ඔයාගේ රස අනුව අඩු,වැඩි කරගන්න පුළුවන් . ඒ වගේම සැමන් වෙනුවට ඔයාට මාලු ,මස් උනත් ගන්න පුලුවන්.)

❤️සාදන ආකාරය .❤️

තෙල් ටිකක් රත් වෙන්න ලිප තියල ,ඉගුරු සුදු ලූණු ටික රම්පෙ කරපිංචා එකතු කරන්න.
(කැමති නම් අබ ටිකක් කුරුදු පොතු එකතු කරන්න.)

දැන් අපේ අල ටික,සැමන් ටික එකතු කරලා මිරිස් කුඩු ,ගම්බිරිස් කුඩු ,කෑලි මිරිස් සහ අවශ්‍ය පමණ ලුණු එකතු කරගන්න.

දැන් මේ මිශ්‍රණය ටිකක් රස්නෙන්ම තමන්ට අවශ්‍ය ප්‍රමාණය ට පොඩි බෝල සාදාගන්න.

ඊලගට මේ පොඩි බෝල බිත්තර සාරු වල දවටා,පොල් කුඩු වල දවටා ගන්න.
(බිස්කට් කුඩු දවටා ගන්නා ආකාරයටම තමා.)

දන් ගැබුරු තෙලේ රන්වන් පාට වෙන තෙක් බැදගන්න .
(අඩු ගින්නෙ )

Comments

Popular posts from this blog

Vegitable Dum Biriyani

🍟️🍿සුදු ලුණු මුරුක්කු .🍿🍟️